චීන-ඇමෙරිකා සබඳතා සංවර්ධනයට චීනයට ඇති කැපවීම රාජ්‍ය නායක හමුවේදී චීන ජනපති අවධාරණය කරය

වසරකට පසුව චීන ඇමරිකා රාජ්‍ය නායකයන්ගේ හමුව පිළිබඳව යළිත් ලෝකයේ අවධානය යොමුව තිබේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පේරු වේලාවෙන් 16 වැනි දා එරට ලීමා නගරයේ දී හමු විය.

නායක දෙපළ චීන-ඇමරිකා සබඳතා සහ ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න සම්බන්ධයෙන් අවංක, ගැඹුරු හා සංවර්ධනාත්මක සම්බන්ධීකරණයක් පවත්වා තිබේ. ෂී ජින් පිං මහතා එහිදී පසුගිය වසර හතර තුළ චීන-ඇමරිකානු සබඳතා වර්ධනයේ අත්දැකීම් හා ප්‍රතිඵල 7 ක් සාරාංශ කළේය. සංවාදය අඛණ්ඩව පවත්වා ගෙන, සහයෝගීතාව පුළුල් කොට මතභේද පාලනය කිරීමට ඇමරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු එහිදී අවධාරණය කළේය. වැදගත් කරුණු සම්බන්ධයෙන් චීනයේ මූලධර්ම හා ස්ථාවරය පිළිබඳව ජනාධිපති ෂී ජින් පිං මහතා එම හමුවේදී ගැඹුරින් පැහැදිලි කර ඇත. චීනය සමග “නව සීතල යුද්ධයක්” නොසොයන අතර චීනයේ”තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වයට” සහාය නොදැක්වීමට ඇමරිකාවේ දේශපාලන පොරොන්දුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යලි අවධාරණය කළේය.

කාලානුරූපව බලන විට, චීන සහ ඇමරිකානු රාජ්‍ය නායකයින් අතර මෙවර හමුව සිදුවූයේ ඇමරිකානු රජයේ සංක්‍රාන්ති සමය තුළ ය. චීන-ඇමරිකානු සබඳතා සංවර්ධනය කිරීම සඳහා බයිඩන් මහතා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා සමඟ එක්ව කටයුතු කිරීමට චීනය තම අවංකභාවය සහ උත්සාහයන් ප්‍රකාශ කර තිබේ.

වසර 45 කට පෙර චීන-ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටවූ දා, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය සැමවිටම ස්ථාවර විය. දෙරට ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුය. දෙපාර්ශ්වය විෂම තරඟකාරීත්වය වෙනුවට වෙනස්කම් පසෙකලා පොදු පදනමක් විමසා බැලිය යුතුය.චීන පාර්ශ්වය එය ප්‍රකාශ කළ සේම ක්‍රියාවට නංවා ඇත.

රාජ්‍ය නායකයින් දෙපළගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ, චීන-ඇමරිකා සබඳතාවල අත්පත් කර ඇති ප්‍රගතිය දෙපාර්ශ්වය අගය කළ යුතුය.