2026 වසරේ APEC සත්කාරකත්වය චීනය දරනු ඇතැයි චීන ජනපති පවසයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 16වැනිදා APEC නායකයින්ගේ 31වැනි නිල නොවන සමුළුවේ දී මේ බව ප්‍රකාශ කරමින් පැවසුවේ, සියලු පාර්ශ්වයන් සමග එක්ව ආසියා-පැසිෆික් සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, ආසියා-පැසිෆික් කලාපයේ ජනතාවට යහපත උදා කිරීමටත්, චීනය බලාපොරොත්තු වන බවයි.
වසර 12 කට පසු චීනය නැවත වරක් APEC සත්කාරකත්වය දැරීම විශේෂත්වයකි. ආසියාවේ සහ පැසිෆික් කලාපයේ සංවර්ධනයට දායක වීමට චීනය සතු අධිෂ්ඨානය සහ වගකීම මින් පිළිබිඹු කෙරේ.
2013 වසරේ සිට, පොදු ඉරණමක් සහිත ආසියා පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ අදහස් සහ යෝජනා, ෂී ජින් පිං මහතා ජාත්‍යන්තර වේදිකාවන් තුළ දී පැහැදිලි කර ඇත. මෙවර සමුළුවේදී ෂී ජින් පිං මහතා යළිත් චීන වැඩපිළිවෙළ පිළිබඳ සඳහන් කර ඇත.
පසුගිය දා පැවති APEC සමුළුවේදී ෂී ජින් පිං මහතා යෝජනා තුනක් ඉදිරිපත් කළේ ය. ඒ, විවෘත හා සාධාරණ ආසියා-පැසිෆික් සහයෝගීතා රටාවක් ගොඩනැගීම, හරිත හා නවෝත්පාදනයෙන් යුත් ආසියා-පැසිෆික් කලාපයක් නිර්මාණය කිරීම මෙන්ම පොදු යහපත සහ සහභාගිත්වයෙන් යුත් ආසියා-පැසිෆික් සංවර්ධන සංකල්පය ස්ථාපිත කිරීමයි. මෙය පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා මෙන්ම, ආසියා-පැසිෆික් කලාප සංවර්ධනයේ නව යුගයක් නිර්මාණය කිරීම සඳහා ද නිවැරදි දිශාව වනු ඇත.
ආසියා-පැසිෆික් කලාපයේ වැදගත් සාමාජිකයෙකු ලෙස, චීනයේ සංවර්ධනය ආසියා-පැසිෆික් කලාපයෙන් වෙන් කළ නොහැකි අතර, ආසියා-පැසිෆික් කලාපයට ද චීනය තවදුරටත් ප්‍රයෝජනවත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
මෙවර APEC සමුළුවේදී ෂී ජින් පිං මහතා පැහැදිලි ව පෙන්වා දුනනේ, චීනය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණ පුළුල් කරන අතර, ගුණාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කරනු ඇති බවයි. එසේම චීනය හරිත සංවර්ධන මාර්ගයට අනුගත කරන අතර, වඩාත් ඉහළ මට්ටමක විවෘත ආර්ථික නව පද්ධතියක් නිර්මාණය කරනු ඇති බවයි. චීනයේ නව සංවර්ධනයෙන් ආසියා-පැසිෆික් කලාපයට නව අවස්ථා උදා කරනු ඇති අතර, මෙය ගෝලීය ආර්ථික වර්ධනයට නව ජීවයක් එක් කරනු ඇත.
ගුවන් විදුලිය
20241118සඳුදා播放音量
Current Time 0:00
/
Duration 56:46
වැඩියෙන්ම කියවූ ප්රවෘත්ති
- 1Chancay වරාය විවෘත කිරීම චීන හා පේරු ජනාධිපතිවරු ප්‍රකාශයට පත් කරති
- 2APEC සහ G20 වෙනුවෙන් චීනයේ නියෝජනය, ආසියා ශාන්තිකර කලාපයට අතිශය වැදගත්
- 3පොදු සංවර්ධනයකින් යුත් සුසංයෝගී ලෝකයක් ගොඩනැගීමට චීනය හා ඉතාලිය එක්ව උත්සාහ කළ යුතුයි–චීන ජනපති
- 4එපෙක් නායකයන්ගේ නිල නොවන සමුළුවේදී පොදු ඉරණමක් සහිත ආසියානු ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීන ජනපතිගෙන් වැදගත් යෝජනා රැසක්
- 5ආසියානු ශාන්තිකර කලාපයේ සාර්ථකත්වය පිටුපස ඇති ගාමක බලවේගය එපෙක් සවිධානයයි