චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා අද (04) බෙයිජිංහිදී එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුරය සඳහා අපේක්ෂකත්වය දරන සහ චිලීයේ හිටපු ජනාධිපතිනි Michelle Bachelet මහත්මිය හමුවිය.
එකම චීනය යන ප්‍රතිපත්තියට තමන් තදින් අනුගත වන බව Bachelet මහත්මිය එහිදී ප්‍රකාශ කළාය. බහුපාර්ශ්විකත්වය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ ප්‍රවර්ධනය සඳහා චීනයේ දිගුකාලීන කැපවීම ඇය බෙහෙවින් අගය කළාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තත්ත්වය සහ භූමිකාව ඒකාබද්ධව ශක්තිමත් කිරීම සඳහා චීනය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ද ඇය පැවසුවාය.