චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(21) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින්, මෙම වසරේ පළමු කාර්තුවේ චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණයේ සංවර්ධනය පිළිබඳව දැනුවත් කළේය.
මෙම වසරේ පළමු කාර්තුවේදී, චීන යුවාන් මිලියන 20 කට වඩා වාර්ෂික ආදායමකින් යුතු කාර්මික ව්‍යවසායන් හි කාර්මික එකතු කළ අගය පසුගිය වසරේ එම කාලසීමාවට වඩා 6.1%කින් වැඩි විය. චීනයේ සමස්ත පළාත් හා ඒ සමාන මට්ටමේ පරිපාලන ඒකකයන් 31ක් ම ධනාත්මක වර්ධනයක් අත්කර ගෙන ඇති අතර, කර්මාන්ත අංශය චීනයේ ආර්ථික වර්ධනයට 40%කට ආසන්න දායකත්වයක් ලබා දී ඇත.
පළමු කාර්තුවේදී, කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණයන් චීනයේ ඉලෙක්ට්‍රොනික හා පාරිභෝගික භාණ්ඩ කර්මාන්තවල යෙදීම් වේගවත් වී තිබේ. එමෙන්ම ඩ්‍රෝන යානා සහ AI කණ්නාඩි වැනි නිෂ්පාදනවල විවිධත්වය වැඩි වෙමින් පවතී. කාර්මික රොබෝවරුන් සහ ඒකාබද්ධ පරිපථ යන නිෂ්පාදිත පසුගිය වසරේ සමාන කාලසීමාවට වඩා පිළිවෙලින් සියයට 33.2කින් සහ 24.3 කින් වැඩි වී ඇත.