විදෙස් රටවල් වෙත මාරාන්තික අවි ආයුධ අපනයනය සඳහා අවසර ලබා දීමට ජපාන රජය අද (21) කැබිනට් තීරණයක් මගින් පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා පිළිතුරු දුන්නේය.
එහිදී ඔහු සඳහන් කළේ, ජපානය යළිත් වරක් යුදමය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් යුද්ධය එරටින් පිටතට ද පැතිරවීම ගැන බොහෝ විශේෂඥයන් හා විද්වතුන් කනස්සල්ලට පත්ව සිටින බවයි. ජපානයේ “නැවත මිලිටරිකරණය” වේගවත් කිරීම සත්‍යයක් හා යථාර්ථයක් වන අතර,එයට සැබෑ මාර්ගයක් හා ක්‍රියාපිළිවෙතක් ද පවතින බව ඔහු පෙන්වා දුන්නේය. චීනය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මේ පිළිබඳව ඉතා සුපරික්ෂාකාරී වී සිටින අතර,ජපානයේ නව මිලිටරිවාදී ක්‍රියාකාරකම් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය.