චීන ජනපති හමුදා විධාන නිරීක්ෂණ කරමින් වසන්ත උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පිරිනම

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උතුරු හමුදා විධානයේ ආයතන නිරීක්ෂණ කරමින්, ඔවුන්ට වසන්ත උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය.

හෙතෙම වීඩියෝ ආකාරයෙන් ඒ ඒ මට්ටම්වල හමුදා නිලධාරීන් සමග සම්බන්ධ වෙමින්, හමුදාවල මෙහෙයුම් ක්‍රියත්මක කිරීමේ තත්වය විමසීය. එහිදී ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා මධ්‍යම හමුදා කොමිසම වෙනුවෙන්, චීන මහජන විමුක්ති හමුදාවේ අණදෙන නිළධාරීන් හා ‍සෙබළුන්, සන්නද්ධ පොලිස් බලකායේ නිලධාරීන් හා ‍සෙබළුන්, හමුදා සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්, සංචිත හමුදා මණ්ඩලය හා සිවිල් හමුදා වෙත, හෘදයාංගම සුභාශිංසන සහ වසන්ත උත්සව සුබ පැතුම් පිරිනැමීය.