2025 වසරේ “ප්‍රීතිමත් චීන වසන්ත උත්සවය” නමැති ක්‍රියාකාරකම් ගෝලීය වශයෙන් දියත් කෙරේ

2025 වසරේ “ප්‍රීතිමත් චීන වසන්ත උත්සවය” නමැති ක්‍රියාකාරකම් ගෝලීය වශයෙන් දියත් කිරීමේ උත්සවය සහ “ප්‍රීතිමත් චීන වසන්ත උත්සවයක මහාද්වීප පහක සැමරුම්” යන ප්‍රසංගය ඊයේ (25) රාත්‍රියේ මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැත්විණි.

මැලේසියානු අගමැති Anwar Ibrahimමහතා, චීන සංස්කෘතික හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය Sun Yeli මහතා, මැලේසියානු සංචාරක, කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය Tiong King Singමහතා ඇතුළු අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

“ප්‍රීතිමත් චීන වසන්ත උත්සවය” නමැති ක්‍රියාකාරකම් චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රාකත්වයෙන් සිදු කෙරෙන අතර එය 2001 වසරේ සිට වසර 25ක් පුරා අඛණ්ඩව පවත්වනු ලැබේ. ‍ 2025 වසරේ යෙදී ඇති වසන්ත උත්සවය, මානව සංස්කෘතික උරුම නාමාවලියට ඇතුළත් කිරීමෙන් පසු සමරන පළමු වසන්ත උත්සවයයි. මේ වෙනුවෙන් “ප්‍රීතිමත් චීන වසන්ත උත්සවය” නමැති ක්‍රියාකාරකම් ලොව පුරා රටවල් සහ කලාප 100කට අධික ප්‍රමාණයක විවිධ ආකාරවලින් සහ ප්‍රසංග 500කට ආසන්න ප්‍රමාණයකින් පැවැත්‍වෙනු ඇත. ලොව පුරා සිටින ජනතාවට චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතියේ අද්විතීය චමත්කාරය අත්විඳීම සහ චීන වසන්ත උත්සවයේ ප්‍රීතිමත් කාලය සැමරීම මෙහි ප්‍රධාන අරමුණයි.