චීන මාධ්‍ය සමූහයේ 2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරණයෙන් නව වාර්තා රැසක්

චීන මාධ්‍ය සමූහයේ “2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය” පිළිබඳ ප්‍රචාරණ සංඛ්‍යාලේඛන නව වාර්තා රැසක් පිහිටුවයි.

ජනවාරි 29 දින අලුයම 2:00 වන විට, සමස්ත මාධ්‍ය හරහා එම ප්‍රසංගය නැරඹූ වාර ගණන බිලියන 16.8ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 18.31%ක වැඩිවීමකි. ඒ අතරින් ජංගම දුරකථනවලින් නැරඹූ වාර ගණන මිලියන 372ක් වන අතර එය වාර්ෂිකව 52.46%ක වැඩිවීමකි.

එමෙන්ම 29 දින උදෑසන 8:00 වන විට, නව මාධ්‍ය වේදිකාවලින් “2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ”   සජීව විකාශන නැරඹුම් බිලියන 2.13 වන අතර එය පසුගිය වසරේ එම සංඛ්‍යාවට සාපේක්ෂව 26.04%ක වැඩිවීමකි.  ජංගම දුරකථනවල සජීව විකාශන වාර ගණන මිලියන 530කි. එය පසුගිය වසරේ එම සංඛ්‍යාවට සාපේක්ෂව 25.3%ක වැඩිවීමක් පෙන්නුම් කරයි. එහි සේවාදායකයින්ගේ සංඛ්‍යාව මිලියන 300ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 16.73% ක වර්ධනයකි.

එම ප්‍රසංගයේ සජීව විකාශය චීනයේ රූපවාහිනි සේවා වෙළඳපොලේ ප්‍රේක්ෂක නැරඹුම් කෝටාව 78.88% දක්වා ළඟා වූ අතර එය පසුගිය වසර 12 ක කාලය හා සැසඳීමේදී නව වාර්තාවක් වීම විශේෂත්වයකි.

චීනයේ දේශීය සමාජ මාධ්‍ය තුළ ‘2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය’ පිළිබඳ  තේමා කියවීම් වාර ගණන බිලියන 27කි. එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ අගයකි. එම ප්‍රසංගයේ සජීව විකාශය අවසන් වන තෙක්, සමස්ත අන්තර්ජාලයේම උණුසුම් සෙවුම් 1,136ක් ලැබුණු අතර, ඉන් 57ක් එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු විය.