‘පවුලේ සංවර්ධනයටත් පවුල් අධ්‍යාපනයටත් පවුලේ යහපත් සම්ප්‍රදායයන්ටත් අවධානය යොමු කිරීම’ මැයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ලිපිය හෙට(1) ‘Qiushi’ සඟරාවේ තුන්වන කලාපයෙන් පළ කිරීමට නියමිතය.
එම ලිපිය වසර 2016 දෙසැම්බර් මාසයේ 12වනදා ශිෂ්ටාචාරාත්මකව පැවත එන පවුල්වල නියෝජිතවරුන් හමු වූ අවස්ථාවේදී ෂී ජින්පිං මහතා සිදු කළ දේශනයෙන් උපුටා දැක්වීමකි.
පවුල්වල ශිෂ්ටාචාරාත්මක සංවර්ධනය වැදගත් කොට සැලකිය යුතු යැයි එම ලිපිය අවධාරණය කරයි. සුවහසක් පවුල්, රටේ සංවර්ධනය, ජාතික ප්‍රගතිය හා සමාජ සුසංගතභාවයේ වැදගත් පදනමකි. එය ජනතා සිහින සැබෑ කිරීමේ ගමන් මග ආරම්භ වන ස්ථානය යැයි එම ලිපිය සඳහන් කරයි.
පවුල් පිළිබඳව වැදගත් කොට සලකන්නේ, සුවහසක් පවුල් යහපත් ව තිබීමෙන් පමණක්, රටත් ජාතියත් යහපත්ව පැවතිය හැකි වන නිසාය.
ඒ සමගම පවුල් අධ්‍යාපනයටත් අවධානය යොමු කළ යුතුය. දෙමව්පියන් දරුවන්ගේ ප්‍රථම ගුරුවරුන්ය. පවුල් අධ්‍යාපනයේදී වැදගත්ම කරුණ වන්නේ ආචාර ධර්ම පිළිබඳ අධ්‍යාපනය හා යහපත් ගුණාංග පිළිබඳ අධ්‍යාපනයයි.
පවුලක සම්ප්‍රදාය ද වැදගත්ය. මනා පවුල් සම්ප්‍රදායක් ප්‍රචලිත කිරීමෙන් සමස්ත සමාජයේ මනා සම්ප්‍රදායයක් හැඩ ගැසෙන බව ද ෂී ජින්පිං මහතාගේ ලිපියේ දැක්වේ.