චීන-යුරෝපා සංගම් ආර්ථික හා වෙළඳ සබඳතා තුළ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ වැදගත් බව චීනය අවධාරණය කරයි

චීන-යුරෝපා සංගම් ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳව යුරෝපා සංගමය වෛෂයිකව සහ තාර්කිකව සලකා බලනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි.

චීනය සමග සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා කොමිසම මෑතකදී පූර්ණ රැස්වීමක් පැවැත්වීය. ඇතැමුන් තර්ක කර සිටියේ යුරෝපා සංගමය චීනය හා සම්බන්ධ අවදානම් අවම කළ යුතු බවයි. මේ අතර, චීනයේ යුරෝපා සංගමයේ වාණිජ මණ්ඩලයේ නවතම සමීක්ෂණ වාර්තාවෙන් පෙනී යන්නේ, යුරෝපා සමාගම්වලින් 68% ක් චීනයේ රැඳී සිටීමට හෝ ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට තෝරාගෙන ඇති බවයි. අද (04) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය ඒ බව පැවසුවාය.

චීන-යුරෝපා සංගම් ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පොදු අවශ්‍යතා වලින් පැන නගින බවත් එය සංසන්දනාත්මක වාසියේ සහ වෙළඳපළ තරඟකාරිත්වයේ ඒකාබද්ධ බලපෑම්වල ප්‍රතිඵලයක් බවත් ඇය පැවසුවාය. අනුපූරක වාසි අවදානමක් නොවන බවත්,අවශ්‍යතා ඒකාබද්ධ කිරීම තර්ජනයක් නොවන බවත් ඇය පැවසුවාය. එමෙන්ම ගැටලු ලැයිස්තුව අවම කිරීමට, සහයෝගීතාව පුළුල් කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගැනීමට යුරෝපා සංගමය චීනය සමග කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.