චීන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ගෝලීය ප්‍රචාරක ක්‍රියාකාරකම ඔස්ට්‍රේලියාවේදී

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන ලද වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ගෝලීය ප්‍රචාරක ක්‍රියාකාරකම පසුගියදා(24) ඔස්ට්‍රේලියාවේ  Melbourne නගරයේ පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වූ අතර Melbourne නගරයේ චීන කොන්සල් ජෙනරාල් ෆං ෂින්වෙන්,   Victoria  ප්‍රාන්ත ප්‍රධානියාගේ නියෝජිත Paul Hamer යන මහත්වරු ද එම ක්‍රියාකාරකමට එක් වෙමින් දේශන පැවැත්වූහ. Victoria  ප්‍රාන්තයේ ආණ්ඩුකාර Margaret Gardner මහත්මිය සහ චීන ඔස්ට්‍රේලියා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් 200ක පමණ පිරිසක් ක්‍රියාකාරකමට සහභාගි වූහ.

 වසන්ත උත්සවය දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිවාඩු දිනයක් බවට පත්කෙරුණා පමණක් නොව, පසුගිය වසරේ එය මානවයන්ගේ සංස්කෘතික උරුම නාමාවලියට ඇතුළත් කරනු ලැබූ බව  Shen Haixiong මහතා සඳහන් කර ඇත. චීන නව වසර උත්සවයක සිට ලෝක නව වසර උත්සවයක් දක්වා, වසන්ත උත්සවය  ලෝක ශිෂ්ටාචාර සම්භාරය තුළ සුවිශේෂ ආකර්ෂණයක් විදහා පා තිබේ. 

වසන්ත උත්සවය මානවයන්ගේ සංස්කෘතික උරුම නාමාවලියට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ප්‍රථම වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය වශයෙන්, මෙවර මෙම ප්‍රසංගය “5G+4K/8K+AI” තාක්ෂණ යොදා ගනිමින් භාෂා 82කින් දෙස්  විදෙස් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රීතිමත් හා  සුබ සංස්කෘතික සංග්‍රහයක් තිළිණ කිරීමට සැරසෙන බව ඔහු කියා සිටියේය.