ජපානයේ ආරක්ෂක උපකරණ හා තාක්ෂණය වෙනත් රටවලට ලබා දීම පිළිබඳ මූලධර්ම තුන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍යවරිය පසුගියදා කළ ප්‍රකාශයට චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි.
ජපාන අග්‍රාමාත්‍ය Takaichi Sanae පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් එරට ආරක්ෂක උපකරණ හා තාක්ෂණය වෙනත් රටවලට ලබා දීම පිළිබඳ මූලධර්ම තුන සංශෝධනය කිරීමට අදාළ හේතු පැහැදිලි කළාය. එහිදී ඇය සඳහන් කළේ, වත්මන් බරපතල ගෝලීය සන්දර්භයන් හමුවේ තම රටේ යුදමය ප්‍රබලතා ඉහළ නංවමින් ඉදිරියේ දී සිදු විය හැකි ගැටුම් වළක්වා ගැනීම මෙම පියවරට මුල් වූ බවයි. මේ පිළිබඳව ඇමරිකාවේ ජාතිකාරක්ෂක ලේකම්වරයා පසුගියදා ප්‍රකාශ කළේ, ජපානය සිය යුදමය සහයෝගීතා පුළුල් කිරීමට සහාය වන බවයි. කෙසේවෙතත් ජපානයේ එම ක්‍රියාව චීනයට එරෙහිව බාධා කිරීමක් බව ජගත් ප්‍රජාවේ අදහසයි.
මේ සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පැවසුවේ, මාරන්තික අවි ආයුධ අපනයන වලංගු කිරීම ඇතුළු ජපානයේ අනතුරුදායක ක්‍රියාපිළිවෙත්, දෙවන ලෝක යුද්ධයට පෙර එරට හමුදා බලය සූදානම් කිරීමේ ක්‍රියාකලාපය හා ඉතා සමාන බවයි. එබැවින් ජපානයේ මිලිටරිවාදය නැවත පණ ගැන්වීමේ ක්‍රියාවලිය කිසිදු රටකට බැහැර කළ නොහැකි තත්ත්වයක් බව ද ඇය එහිදී අවධාරණය කළාය.