චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ 50 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ප්‍රධානීහූ සුබ පැතුම් පිරිනමති.ලොව දැවැන්ත මාධ්‍ය ජාලයක් වන චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය චීන ජනතාවගේ සිතුම් පැතුම්, සංස්කෘතික ලැදියාවන් ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා සුබ පැතුම් පිරිනමමින් සඳහන් කරයි. සිංහල සේවය හා ස්වාධීන රූපවාහිනී සේවය අතර දිගු කලක් පුරා පවතින සමීප සබඳතාව ද හෙතෙම විශේෂයෙන් සිහිපත් කර සිටී.
මේ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා මහතා ද සිංහල සේවයේ 50 වෙනි සංවත්සරයට සුබ පැතුම් පිරිනමමින් චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සබඳතාව තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් සිංහල සේවය ඉටු කරන කාර්ය බෙහෙවින් අගය කරන බව කියා සිටී.
සිංහල සේවයේ 50 වෙනි සංවත්සරයට සුබ පැතුම් පිරිනමන අතරම ඉදිරියටත් සිංහල සේවය සමග අඛණ්ඩව මාධ්‍ය සහයෝගතාවන් පැවැත්වීමට තම මාධ්‍ය ජාලය බලාපොරොත්තු වන බව ස්වර්ණවාහිනී (EBC) මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
චරණ නාලිකාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජිත බණ්ඩාර මහතා ද සුබ පැතුම් පිරිනමමින් චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සමග පවත්වන මාධ්‍ය සහයෝගතාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බව සඳහන් කරයි.