චීන නීති විද්‍යා සංගමයේ 9 වැනි ජාතික නියෝජිත සම්මේලනයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සම්මේලනයට සහ නීති ක්ෂේත්රයේ නියුක්තියන් වෙත සිය සුබ පැතුම් පිරිනමමින් නීති විද්‍යා සංගමයේ කාර්යයන් පිළිබඳව සිය අපේක්ෂා පළ කර ඇත.
නව යුගයේ නව ගමනේ , ඒ ඒ මට්ටමේ නීති විද්‍යා සංගම් නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනයේ මාර්ගෝපදේශ ස්ථිර ලෙස අනුගමනය කරමින් නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතිමය පාලන චින්තනය අංග සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩය අවධාරණය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ නායකත්වයට අනුගත වෙමින් චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතිමය පාලන මාර්ගය ඔස්සේ පක්ෂය හා රටේ මෙහෙවර වෙනුවෙන් සේවය කළ යුතු බවද හෙතෙම පැවසීය.
නීති විද්‍යා සංගම් සිය සංවර්ධනය තවදුරටත් තහවුරු කර ගනිමින් නීති විද්‍යා පර්යේෂණ, නීතිමය පාලනය ක්‍රියාත්මක කිරීමට සේවය ලබා දීම, නීතිමය පාලනය ප්‍රචාරය කිරීම තහවුරු කිරීම, නීතිමය පාලන නිපුණතාවන් පුහුණු කිරීම යන කටයුතු මනා ලෙස සිදු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා සඳහන් කරයි.
නීති ක්ෂේත්රයේ නියුක්තියන් ආත්ම විශ්වාසය තහවුරු කර ගෙන වගකීමෙන් යුතුව, නීතියෙන් රට අංග සම්පූර්ණයෙන් පාලනය කිරීමේ ක්‍රියාවලියට කැපවිය යුතුය. එසේම වඩා ඉහළ මට්ටමේ සමාජවාදී නීති පාලිත රටක් ගොඩනගමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා නව දායකත්වයන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් අවධාරණය කර ඇත.