2024 දී සේවා කර්මාන්තය චීනයේ ජාතික ආර්ථික වර්ධනය වෙනුවෙන් 56.2% ක දායකත්වයක් ලබා දී ඇති බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමෙන්තුව පවසයි.
ගෙවුණු වසරේ සේවා කර්මාන්තයේ අලුතින් එකතු කළ අගය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 56.7% ක් බවත් එය 2023 වසරට වඩා සියයට 0.4 කින් ඉහළ යාමක් බවත් වාර්තා වේ.
පසුගිය වසරේ, චීනයේ සේවා කර්මාන්තය සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එහි ප්‍රතිඵල සුපිරි පරිවර්තනයක් මෙන්ම අලුත් කිරීමක් අත්කර ඇතැයි ද චීන ජාතික සංඛ්‍යාලේඛන දේපාර්තමෙන්තුවේ අධිකාරිය පෙන්වා දෙයි.