ඒකපාර්ශ්විකව තීරු බදු පැනවීම නිවැරදි කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී

ඇමරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදිත සඳහා 10% ක තීරුබදු පැනවීම පිළිබඳ ඇමරිකාවේ නිවේදනය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ෆෙන්ටැනයිල් (Fentanyl) නම් ඖෂධය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව හේතුවෙන් ඇමරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදිත සඳහා 10% ක අතිරේක තීරු බද්දක් පනවා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස චෝදනා කරමින් තරයේ විරෝධය ප්‍රකාශ කරයි. තම නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඊට විරුද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට චීනය සූදානමින් සිටින බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර ඇත.

ෆෙන්ටැනයිල් යනු ඇමරිකාවේ දේශීය ගැටළුවකි. ඇමරිකාවේ ඉල්ලීමකට අනුව, 2019 දී ෆෙන්ටැනයිල් වැනි ද්‍රව්‍ය විධිමත් ලෙස ලැයිස්තුගත කළ චීනය, ෆෙන්ටැනයිල් වැනි ද්‍රව්‍ය නිසි ලෙස පාලනය කර ඇති ලොව පළමු රට බවට පත්විය. 

වෙළඳ තරඟය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ස්ථිර මෙන්ම වෙනස් නොවේ. වෙළඳ යුද්ධයකින් හෝ තීරුබදු සටනකින් ජයග්‍රාහකයින් මතු ව නොමැත. ඇමරිකාව ඒකපාර්ශ්විකව තීරුබදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. එය තමන්ගේම ගැටළු විසඳීමට අපොහොසත් වීමක් පමණක් නොව, ද්විපාර්ශ්වික සබඳතා සඳහා මෙන්ම ලෝකයට ද අහිතකර වන බව චීනය පෙන්වා දෙයි.