චීන වෙරළාරක්ෂක බලකාය Huangyan දූපත හා ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ මුර සංචාරයක

චීන මුහුදු සීමාවට අයත් Huangyan දූපත හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වීමට චීන වෙරළාරක්ෂක බලකාය ජුනි මස 30 වන දින යළි පියවර ගෙන ඇත.

ඉකුත් ජුනි මාසය ආරම්භයේ සිටම චීන වෙරළාරක්ෂක බලකාය Huangyan දූපත හා ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අඛණ්ඩව මුර සංචාර පවත්වා තිබේ. අදාළ නීති සහ රෙගුලාසි වලට අනුකූලව ලුහුබැඳීම්, සෝදිසි කිරීම් මෙන්ම අනතුරු ඇඟවීම් ද සිදු කරමින්, නීති විරෝධීව චීන මුහුදු සීමාවට ඇතුළු වන විදේශීය නෞකා අවහිර කිරීම එහිදී ක්‍රියාත්මක කර තිබේ.

ජාතික භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් තරයේ ආරක්ෂා කිරීම සඳහා චීන වෙරළාරක්ෂක බලකාය අදාළ මුහුදු ප්‍රදේශයන් හි පාලනය තවදුරටත් ශක්තිමත් කරයි.