අඩු මිලට අලෙවි කිරීමට ‍එරෙහි රෙගුලාසිය යටතේ පාර්ශ්වයන් කිහිපයකට චීනයෙන් තීරුබදු සීමා

චීන වාණිජ අමාත්‍යංශය ඊයේ(30) නිකුත් කළ නිවේදනයට අනුව අද(1) සිට යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, දකුණු කොරියාව හා ඉන්දුනීසියාව විසින් නිෂ්පාදන කරන ආනයනික මල නොබැ‍ඳෙන වානේ ලෝහ යෂ්ටි හා කැරලි වානේ තහඩු හා වානේ රෝල් වෙත අඩු මිලට අලෙවි කිරීමට එරෙහි තීරු බදු වසර 5ක් සඳහා පැනවීමට තීරණය කෙරේ.

අඩු මිලට අලෙවි කිරීමට ‍එරෙහි රෙගුලාසියේ 50 වැනි වගන්තියට අනුව, අදාළ විමර්ශන ප්‍රතිඵලය පදනම් කර ගෙන චීන වාණිජ අමාත්‍යංශය චීන රාජ්‍ය මණ්ඩලයේ තීරු බදු නීතිරීති පිළිබඳ කොමිසමට යෝජනා කර තිබෙන්නේ අඛණ්ඩව අඩු මිලට අලෙවි කිරීමට එරෙහිව පියවර ගන්නා බවයි. වාණිජ අමාත්‍යංශයේ උපදෙස්වලට අනුව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරු බදු නීතිරීති පිළිබඳ කොමිසම ‍එම තීරණය ගෙන ඇත.