සාම්ප්‍රදායික චීන නව වසර උත්සවශ්‍රීයෙන් සැමරේ

උදා වූ චීනයේ අශ්වයාගේ නව වසර, එනම් වසන්ත උත්සවය සැමරීම සඳහා චීන මාධ්‍ය සමූහය(CMG) ඊයේ(16) රාත්‍රී 08:00 සිට චීන ජනතාව මෙන්ම ගෝලීය ප්‍රේක්ෂකයින් ද වෙනුවෙන් විකාශය කළ ‘2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය’ ප්‍රීතිය සහ අභිමානය පෙරදැරිව ඉදිරිපත් කර තිබේ.

ඒ සමඟින් එතෙර මෙතෙර චීන ජාතිකයන්ට සහ විදේශීය ප්‍රේක්ෂකයින්ට ද උණුසුම් සුබ පැතුම් එක් කරමින් චීනයට ආවේණික සංස්කෘතික අභිවෘද්ධිය, විද්‍යා හා තාක්ෂණික දියුණුව මෙන්ම පවුලේ එකමුතු බව සහ මුළු රටෙහිම ශක්තිමත් බැඳීම ඉන් පිළිබිඹු කරන්නට විය. එහිදී විදේශීය කලාකරුවන්ගේ ද දායකත්වය සමඟින් විවිධ අංග ඉදිරිපත් කරමින් ජාත්‍යන්තරය සමඟ චීනයේ එකමුතු බවත් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස මෙම වසන්ත උත්සව ප්‍රසංගය කැපී පෙනුණි.

.

.

මූලික සංඛ්‍යාලේඛනයකට අනුව, ඊයේ රාත්‍රී 12 වන විට,‘2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය’සජීවී ලෙසින් මුදා හැරුණු විවිධ මාධ්‍ය ඔස්සේ නැරඹූ අන්තර්ජාල පරිශීලකයින් කෝටි 67 ඉක්මවා ඇත. චීන මාධ්‍ය සමූහයට අනුබද්ධ අන්තර්ජාල යෙදුම් හරහා පරිශීලකයින් මෙම ප්‍රසංගය සජීවීව නැරඹූ වාර සංඛ්‍යාව ‍කෝටි 57 ඉක්මවා ගොස් ඇති අතර එය පසුගිය වසරේ පැවති අගයට වඩා පන් කෝටි හතලිස් ලක්ෂයක වර්ධනයක් පෙන්නුම් කිරීමකි.

එමෙන්ම, මෙම ප්‍රසංගය විදේශීය රටවල් වෙත සිදු කර ඇති බලපෑම ද තවදුරටත් ඉහළ ගොස් ඇත. 4000ක පමණ විදේශ රටවල මාධ්‍ය ආයතන ඔස්සේ ප්‍රසංගයේ චමත්කාරජනක බව පෙන්නුම් කර ඇති අතර, එම සංඛ්‍යාව පසුගිය වස‍රේ පැවති සංඛ්‍යාව හා සැසඳීමේදී 37.95%කින් වර්ධනය වීම ද තවත් කැපී පෙනෙන්නකි.