චීන ලිත් ක්‍රමයට අනුව, අද (17) 2026 අශ්වයාගේ වසරේ පළමුවැනි දවසයි. නව වසරේ උදාව සැමරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් විදෙස් රටවල වෙසෙන චීන ජාතිකයින් සඳහා සංවිධානය කරන ලද සමරු ප්‍රසංගය අද රාත්‍රී 07:30 සිට CCTV-4, එනම් ආසියා නාලිකාව තුළින් විසුරුවා හැරීමට නියමිතව ඇත. එමෙන්ම මෙම ප්‍රසංගය යුරෝපා නාලිකාව හා ඇමරිකානු නාලිකාව හරහා ද අද (17) අලුයම් කාලයේදී විකාශය කෙරිණ. විදේශ රටවල සිටින සියලු චීන ජාතිකයින් වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් චීන මහා පවුලේ එකමුතු බව ද මින් පෙන්නුම් කෙරේ.





