ජපානයට එරෙහි අපනයන පාලන පියවර ගැනීමේ අරමුණ එරට යළි මිලිටරිවාදීකරණය හා න්‍යෂ්ටික අවි සඳහා වන අභිලාෂයන් වැළැක්වීමයි – චීනය

ජපානයේ ආයතන 20ක් නිරීක්ෂණ ලැයිස්තුවට සහ තවත් ආයතන 20ක් අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කරන බව චීන වාණිජ අමාත්‍යාංශය අද (24) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

‘චීන මහජන සමූහාණ්ඩුවේ අපනයන පාලන නීතිය’ සහ ‘ද්විත්ව භාවිත අයිතම අපනයන පාලනය පිළිබඳ රෙගුලාසි’ යටතේ වන වගන්ති ප්‍රකාරව චීනය අදාළ තීරණ ගත් බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැහැදිලි කර ඇත.

ඒ අනුව, ජපානයේ හමුදාමය හැකියාවන් වැඩි දියුණු කිරීම හා සම්බන්ධ Mitsubishi Heavy Industries Shipbuilding Co. ඇතුළු ආයතන 20ක් චීන අපනයන පාලන ලැයිස්තුවට එක් කිරීමටත් ද්විත්ව භාවිත අයිතමවල අවසාන සේවාදායකයින් සහ අවසාන භාවිතයන් සත්‍යාපනය කළ නොහැකි SUBARU Corporation සමාගම ඇතුළු ජපාන ආයතන 20ක් චීන නිරීක්ෂණ ලැයිස්තුවට ද එක් කර ඇත.

මෙම පියවර ජපානයේ “නැවත මිලිටරිවාදීකරණය” සහ න්‍යෂ්ටික අවි සඳහා අභිලාෂයන් වැළැක්වීම අරමුණු කර ගෙන ඇති අතර ඒවා සම්පූර්ණයෙන්ම යුක්තිසහගත, හේතුසහගත සහ නීත්‍යනුකූල බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.