චීන සිනමා කර්මාන්තය ගෝලීය ප්‍රමුඛ ස්ථානයක

2026 වසන්ත උත්සව සමයේ චිත්‍රපට ප්‍රදර්ශන වාරය, චීන යුවාන් බිලියන 5.752ක බොක්ස් ඔෆිස් ආදායමකින් අවසන් වේ. 2026 වසරේ මුළු බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව අලෙවිය ඇතුළුව) මේ වනවිට යුවාන් බිලියන 8.3 ඉක්මවා ඇත.

මේ අතර 2026 වසරේ චීන චිත්‍රපට වෙළඳපොළෙහි බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩො. බිලියන 1.2 ඉක්මවා ඇති අතර, එය උතුරු ඇමරිකානු බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා යමින් ගෝලීය තනි වෙළඳපොළ අතර තාවකාලිකව පළමු ස්ථානය දක්වා පැමිණීමකි.

ලෝකයේ පළමු වැනි තනි සිනමා වෙළඳපොළ ලෙස චීන චිත්‍රපට වෙළඳපොළ පත්වීම සැබැවින්ම අහම්බයක් නොවන බවත්, එය චීන චිත්‍රපට නිර්මාණකරණයේ ශක්තිය, වෙළඳපළ විභවය සහ එහි කාර්මික පරිසර පද්ධතියේ සංවර්ධනය යනාදියෙහි ඒකාබද්ධ ප්‍රතිඵලයක් බවත් වි‍ශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.