“ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ චීනයේ පාලන ක්‍රමය”නමැති ග්‍රන්ථයේ පළමු වෙළුම ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කෙරේ. ෂින්හුවා හි සම්පාදනයක් වන මෙය චීන සහ ඉංග්‍රීසි අනුවාද ද්විත්වයෙන් ලබා ගත හැකි අතර එය දෙස් විදෙස් පාඨකයින් වෙත බෙදා හරිනු ලැබේ.
නව යුගයේ ශ්‍රෙෂ්ඨ භාවිතයන් ඇසුරෙන්, නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය හැඩගැසී ඇත. ශ්‍රෙෂ්ඨ රටක් ගොඩනැගීමට සහ චීන නවීකරණය තුළින් සියලු පෙරමුණුවල ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන යාමට විද්‍යාත්මක ක්‍රියාකාරී මාර්ගෝපදේශයක් ලෙස මෙම ග්‍රන්ථය සේවය කරයි.
ඉතිහාසය දිග හැරෙන ආකාරය පිළිබඳව ෂින්හුවා වාර්තාකරුවන් සාක්ෂිකරුවන්ය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතාගේ ගැඹුරු චින්තනය, පුළුල් භාවිතය, දැඩි කැපවීම සහ චීන පාලනය තුළ ඔහුගේ කැපී පෙනෙන ජයග්‍රහණ පිළිබිඹු කෙරෙන ප්‍රවෘත්ති රැසක් ඔවුන් නිෂ්පාදනය කරයි.
ග්‍රන්ථයේ පළමු වෙළුමේ ෂින්හුවා වාර්තා 26ක් සහ අදාළ ඡායාරූප 41ක් ඇතුළත් වේ. චීනය ජාතික පුනර්ජීවනය කරා මෙහෙයැවීමේදී ෂී ජින්පිං මහතාගේ දූරදර්ශී නායකත්වය මෙන්ම නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ඔහුගේ චීන්තන ශක්තිය සහ එහි ප්‍රායෝගික බලය ඇතුළත් විචිත්‍රවත් වාර්තාවක් ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත.