ජපානයට එරෙහි අපනයන පාලන පියවර සම්පූර්ණයෙන්ම යුක්ති සහගත මෙන්ම නීත්‍යනුකූල හා සාධාරණ යැයි චීනය පවසයි.
ජපානයේ ආයතන රැසක් අපනයන පාලන ලැයිස්තුවට සහ නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා He Yongqian මහත්මිය අද(26) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.
මෑතකදී ජපානය යුද බලය ශක්තිමත් කර හමුදා බලය තරකිරීම් කඩිනම් කිරීමෙන් කලාපීය හා ලෝක සාමයට තර්ජනයක් එල්ල වී තිබේ. වගකීම් භාරගන්නා විශාල රටක් ලෙස චීනය සැමවිටම න්‍යෂ්ටික නිර්ව්‍යප්ත ජාත්‍යන්තර වගකීම් සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරමින් සිටි. පසුගිය 24 වැනිදා චීනය ජපානයේ අදාළ ආයතන අපනයන පාලන ලැයිස්තුවට සහ නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. ජපානයේ මිලිටරිකරණ හා න්‍යෂ්ටික අවි සඳහා වන අභිලාෂයන් වැළැක්වීම එහි ප්‍රධාන අරමුණය. අදාළ පියවර සම්පූර්ණයෙන් යුක්ති සහගත මෙන්ම නීත්‍යනුකූල හා සාධාරණ යැයිද චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා He Yongqian මහත්මිය පැවසුවාය.