ඉරාන රජයට සහ ජනතාවට සිය ජාතික ස්ථාවරත්වය සහ නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය සහාය දක්වයි

ඉරාන රජයට සහ ජනතාවට සිය ජාතික ස්ථාවරත්වය සහ නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය සහාය දක්වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (26) පැවති මාධ්‍ය හමුවේදී ඉරාන තත්වය පිළිබඳ අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, චීනය සැමවිටම දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් ගැටළු විසඳීමට පෙනී සිටින අතර, ජාත්‍යන්තර සබඳතාවලදී බලය යෙදවීමට හෝ තර්ජනය කිරීමට විරුද්ධ වන බවයි. 

ඉරාන රජය සහ ජනතාව සිය ජාතික ස්ථාවරත්වය සහ නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය සහාය දක්වන බව ද චීන ප්‍රකාශිකාව පැවසුවා ය. සියලු පාර්ශ්වයන් සාමය අගයමින් සංයමයෙන් යුතුව සංවාදයෙන් වෙනස්කම් විසඳනු ඇතැයි බලාපොරොත්තු වන බව ද Mao Ning මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.