14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරයේ මාධ්‍ය හමුව 04 වනදා

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාර‌ය පිළිබඳ මාධ්‍ය හමුව එළඹෙන 04 වනදා දහවල් 12:00ට පැවැත්වීමට නියමිතය. ඒ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.

එහිදී සැසිවාර ප්‍රකාශකයා විසින් මෙවර සැසිවාරයේ න්‍යාය පත්‍රය ඉදිරිපත් කරමින්, ජාතික මහජන කොංග්‍රසයේ කාර්යයන් පිළිබඳව දැනුවත් කිරීමත්, දෙස්-විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දීමත් සිදු කරනු ඇත.