14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයේ සමාරම්භක රැස්වීමේදී චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය.එම වාර්තාවට අනුව, 15 වැනි පස් අවුරුදු සැලසුම් කෙටුම්පත මගින් ප්‍රධාන ඉලක්ක 20 ක් ඉදිරිපත් කර තිබේ. නවොත්පාදන සංවර්ධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් නවොත්පාදන, ආයෝජන හා එහි ප්‍රතිඵල යන අංශ තුන වෙත අවධානය යොමු කෙරේ. සාමාජීය සමස්ත පර්යේෂණ අයවැය වර්ෂිකව සියයට 7කින් වැඩි කෙරෙනු ඇත.හරිත අවකාබන් විමෝචනය, දූෂණ අවම කිරීම හා ජෛව පරිසර සුරක්ෂිත කිරීම වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදන ඒකකයක් සඳහා කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රමාණය සියයට 17කින් අඩු කිරීමට ඉලක්ක ගත කර ඇත.
2026 වසරේ චීන ආර්ථික වර්ධන වේගය සියයට 4.5ත් 5ත් අතර මට්ටමක් අපේක්ෂා කෙරේ. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12කට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කිරීම, නාගරික ප්‍රදේශවල විරැකියා අනුපාතය සියයට 5.5ක පමණ මට්ටමකට පාලනය කිරීම, පාරිභෝගික මිළ දර්ශකය සියයට 2ක පමණ මට්ටමක පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 700කට වැඩි ප්‍රමාණය මෙන්ම ජාත්‍යන්තර ආදායම් හා වියදම් මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම මෙම වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක බව ඉලක්ක ලී ච්‍යං අග්‍රාමාත්‍යරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ.
එමෙන්ම එම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව , මධ්‍යස්ථ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් චීනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.