14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද(05) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය.
ෂී ජින්පිං, Li Qiang, Wang Huning, Cai Qi, Ding Xuexiang, Li Xi, Han Zheng යන රාජ්‍ය නායකයෝ මෙන්ම සැසිවාරයේ සභාපති කණ්ඩායමේ සාමාජිකයෝ එහි සභාපති වේදිකාවේ අසුන් ගෙන සමාරම්භක රැස්වීමට එක්ව සිටියහ.
චීනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විවිධ ජනවාර්ගික හා ඒ ඒ ක්ෂේත්රයන් නියෝජනය කරන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෝ 2765 දෙනෙක් රැස්වීමට එක්ව සිටිති.
සැසිවාරයේ න්‍යාය පත්‍රයට අනුව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය.
2025 වසරේදී සංකීර්ණ තත්ත්වය හමුවේ වුවද ෂී ජින්පිං ජනාධිපතිවරයා කේන්ද්‍ර කර ගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනතාව මෙහෙයවා ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක සහ කාර්යයන් සාර්ථකව සම්පූර්ණ කළ බව Li Qiang මහතා එහිදී පැවසීය.
2026 වසරේ චීන ආර්ථික වර්ධන වේගය සියයට 4.5ත් 5ත් අතර මට්ටමක් අපේක්ෂා කෙරේ. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12කට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කිරීම, නාගරික ප්‍රදේශවල විරැකියා අනුපාතය සියයට 5.5ක පමණ මට්ටමකට පාලනය කිරීම, පාරිභෝගික මිළ දර්ශකය සියයට 2ක පමණ මට්ටමක පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 700කට වැඩි ප්‍රමාණය මෙන්ම ජාත්‍යන්තර ආදායම් හා වියදම් මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම මෙම වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක බව ද Li Qiang අග්‍රාමාත්‍යරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ.
එමෙන්ම එම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව , මධ්‍යස්ථ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් චීනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.
න්‍යාය පත්‍රයට අනුව, චීනයේ ජාතික ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා වූ ‘15වැනි පස්අවුරුදු (2026-2030) සැලසුම් කෙටුම්පත’ සැසිවාරයේ දී පරීක්ෂා කෙරේ. චීන රාජ්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කෙරුණු 2025 වසරේ ජාතික ආර්ථික හා සමාජයීය සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවීමේ තත්ත්වය සහ 2026 වසරේ ජාතික ආර්ථික හා සමාජීය සංවර්ධන සැලසුම් කෙටුම්පත පිළිබඳ වාර්තා එහිදී පරීක්ෂාවට ලක් කෙරේ. එමෙන්ම, 2026 වසරේ ජාතික ආර්ථික හා සමාජීය සංවර්ධන සැලසුම් කෙටුම්පත ද එහිදී පරීක්ෂා කෙරෙනු ඇත. තවද, 2025 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ ප්‍රාදේශීය අයවැය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය සහ 2026 වසරේ එහි අයවැය කෙටුම්පත පිළිබඳ රාජ්‍ය මණ්ඩල වාර්තා මෙන්ම 2026 වසරේ එම අයවැය කෙටුම්පත ද පරීක්ෂාවට ලක් කෙරෙන බව ද සැසිවාරයේ න්‍යාය පත්‍රයේ සඳහන් වේ.
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු උප සභාපති Li Hongzhong මහතා එහිදී ‘ජෛව පාරිසරික නීති කෙටුම්පත’, ‘ජන වාර්ගිකයින් අතර එක්සත්භාවය ප්‍රවර්ධනය කිරීමේ නීති කෙටුම්පත’, ‘ජාතික සංවර්ධන ක්රියාසැලසුම් නීති කෙටුම්පත’ පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කළේය.