මැද පෙරදිග වත්මන් නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් මෑතකදී චීනය මැදිහත් වීමේ උත්සාහයන්හි ක්‍රියාකාරීව නිරත වන බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි. ඇය මේ බව ප්‍රකාශ කළේ අද(5) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීය.
යුද්ධයට සහ ප්‍රචණ්ඩත්වයට ගැටලුව මූලික වශයෙන් විසඳිය නොහැකි වන අතර සංවාදය සහ සාකච්ඡා ප්‍රවේශයක් සෙවීමට නිවැරදි මාර්ගය බව චීනය විශ්වාස කරයි. ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් සමග චීනය අඛණ්ඩව සන්නිවේදනය පවත්වා ගෙන යනු ඇත. මැදිහත්වීම ශක්තිමත් කරමින් පොදු අදහස් ගොඩනැඟීමෙහි චීනය නිරත වේ. ආතතීන් සමනය කිරීමට ධනාත්මක උත්සාහයන් දැරීම සඳහා චීනය නුදුරු අනාගතයේ දී මැද පෙරදිග කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතයෙකු එම ප්‍රදේශයට යවනු ඇතැයි මාඕ නිං මහත්මිය පවසා ඇත.