වත්මන් උප ජනපති ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් සහ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කරට කර තියුණු සටනක නිරතව සිටින තීරණාත්මක ඇමෙරිකානු ජනපතිවරණය ඇරඹෙයි.
මේ වන විට මැතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව සිදු වන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඡන්ද විමසීම අවසන් වූ පසු, ජයග්රාහකයා කවුරුන් ද යන්න නිශ්චිතව තහවුරු කිරීමට පැය කිහිපයක්, දින හෝ සති කිහිපයක් දක්වා කාලය ගත විය හැකි බව ද විදෙස් වාර්තාවල සඳහන්.