එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහ ප්‍රධාන ස්වාධීන රාජ්‍යන්හි ස්ථිර සාමාජිකයන් ලෙස චීනයත් ප්‍රංශයත් ජාත්‍යන්තර සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ආරක්ෂා කිරීම සඳහා වන වැදගත් වගකීම් උසුලන බව චීනය පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂ වැන්ග් යී මහතා ඊයේ (08) මේ බව පැවසුවේ, ප්‍රංශ ජනපතිගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක එමානුවෙල් බොන් මහතා සමඟ බෙයිජිංහි පැවති සාකච්ඡාවකදීය.
දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මග පෙන්වීම ද්විපාර්ශ්වික සබඳතාවන්හි ඉහළ මට්ටම සහ එහි විශේෂ ස්වභාවය පිළිබිඹු කරන බව චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එමෙන්ම චීන-ප්‍රංශ සහයෝගීතාවයේ වැඩි ප්‍රගතියක් අත්කර ගැනීමට සහ දෙරටේ ජනතාව වෙත වැඩි ප්‍රතිලාභ ලබා දීමට ප්‍රංශය සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.
කැලඹිලි සහගත වත්මන් ලොව තුළ උපායමාර්ගික සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ගෝලීය අභියෝග වෙත ඒකාබද්ධව මුහුණ දීම සහ විවිධාකාරයේ අතපෙවීම් වලින් තොර යහපත් ස්ථාවර සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා චීන-ප්‍රංශ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම දෙරටටම අවශ්‍ය බව යී මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙහිදී අදහස් දක්වමින් එමානුවෙල් බොන් මහතා සඳහන් කළේ, දෙරටේ නායකයින් අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රංශය බෙහෙවින් අගය කරන බවයි. එමෙන්ම තායිවාන ගැටලුව තුළ පවතින සංවේදී බව පිළිබඳ පූර්ණ අවබෝධයකින් පසු වන ප්‍රංශය, එකම චීනය ප්‍රතිපත්තියට අනුගතව, එම ගැටලුව හා සම්බන්ධ එහි ස්ථාවරය වෙනස් නොකරන බවත් හෙතෙම අවධාරණය කළේය.
තවද, ගෝලීය අර්බුද සඳහා ඵලදායී විසඳුම් සෙවීම වෙනුවෙන් චීනය සමඟ සමීපව කටයුතු කිරීමට ප්‍රංශය බලාපොරොත්තු වන බවත්, වත්මන් ජාත්‍යන්තර තත්ත්වය අනුව, යුරෝපය සහ චීනය අතර සංවාදය හා සහයෝගීතාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් ඔහු පැවසීය.
එමෙන්ම යුරෝපා සංගමයට චීනය අවශ්‍ය බවත්, චීනය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසදායක හවුල්කරුවන් වීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළ බොන් මහතා, යුරෝපා සංගම්-චීන සංවාදය සහ සහයෝගීතාව ප්‍රවර්ධනයේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට ප්‍රංශය සූදානම් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.