කෘෂි නවීකරණ සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳ චීනයේ නව සැලැස්ම නිකුත් කෙරේ

‘15 වන පස් අවුරුදු සැලසුම්’ සමය (2026-2030) තුළ කෘෂි නවීකරණ සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳ චීන සැලැස්ම නිකුත් කෙරේ. චීන රාජ්‍ය මණ්ඩලය විසින් පසුගියදා එය නිකුත් කළ අතර එහි දැක්ම, අරමුණු, ප්‍රධාන මෙහෙයුම්, ප්‍රතිපත්තීන් හා ක්‍රියාමාර්ගයන් එමගින් තහවුරු කර ඇත.  කෘෂිකර්මාන්ත හා ග්‍රාමීය නවීකරණ සංවර්ධනය කඩිනම් කිරීමෙන් චීන මාදිලියේ නවීකරණය තහවුරු කිරීමේ වැදගත්කම ද ඉන් අවධාරණය කෙරේ.

එමෙන්ම, නව යුගයේ චීන මාදිලියේ සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ දැක්ම මාර්ගෝපදේශයක් ලෙස ගනිමින්, කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ හා ගොවි ජනතාව පිළිබඳ කාර්යයන් චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාමාර්ග තුළ කැපී පෙනෙන්නක් ලෙස සැලකීමේ අවශ්‍යතාව ද එම සැලැස්ම පෙන්වා දෙයි.

එමෙන්ම මේ යටතේ, කෘෂි නිමැවුම් ධාරිතාව ඉහළ නැංවීම, දිළිඳුකම පිටුදැකීමෙන් ලද ප්‍රගතීන් තහවුරු කිරීම, කෘෂි විද්‍යා හා තාක්ෂණය උසස් මට්ටමකට රැගෙන යාම, ගොවීන්ගේ ආදායම් වැඩි කිරීමේ මාර්ග පුළුල් කිරීම, හරිත කෘෂිකර්මාන්තය තහවුරු කිරීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග එමගින් සැලසුම් කර ඇත.