චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු රාජ්‍ය ජනාධිපතිනි Dina Boluarte මහත්මිය සමග සාකච්ඡාවක් පැවැත්වීය. ඒ, පේරු වේලාවෙන් 14වනදා පස්වරුවේ ලීමා හි පිහිටි ජනපති මන්දිරයේදීය.
චීන පේරු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ඇති වසර 53ක කාලය තුළ දෙරට අතර සම්බන්ධතාවය මනා වර්ධන තත්ත්වයක පවතින බව ෂී ජින්පිං මහතා මෙහිදී පෙන්වා දී තිබේ. විශේෂයෙන් වසර 2016 දී තමා පේරු රාජ්‍යයේ සිදු කළ ප්‍රථම නිල සංචාරයෙන් අනතුරුව දෙපාර්ශ්වයේ පොදු උත්සාහය යටතේ දෙරටේ වෙළඳාම 1.6 ගුණයකින් වැඩි වූ අතර, චීන ව්‍යාපාර, පේරු රාජ්‍යයේ සිදු කළ ආයෝජන ද දෙගුණයකින් වැඩි වී තිබේ. මේ අතර චීන පේරු නිදහස් වෙළඳ ගිවිසුම උත්ශ්‍රේණිගත කිරීමෙන් ද දෙරටේ ජනතාවට ප්‍රායෝගික ප්රතිලාභ ගෙන දී තිබෙන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.
මෙහිදී දෙපාර්ශ්වය සාර්ථක අත්දැකීම් සම්පිණ්ඩනය කිරීම වැදගත්ය. වෙළඳාම හා ආයෝජනය යන ‘ද්විත්ව එන්ජිම’ ශක්තිමත් කරමින් සාම්ප්‍රාදායික හා නවීන කර්මාන්තය එක්ව පෙළඹවීමටත්, කර්මාන්ත දාමය හා සැපයුම් දාමය අතර සම්බන්ධකම් පුළුල් කිරීමටත් කැප විය යුතුය. එසේම චීන පේරු, චීන ලතින් ඇමරිකානු ප්‍රායෝගික සහයෝගතා පුළුල් කිරීම ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කරන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා කියා සිටියේය.
පේරු රාජ්‍යය සමග සාම්ප්‍රදායික මිත්‍රත්වය අගයන චීනය, එරට සමග එක්ව දෙරටේ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව නව තලයකට නංවාලීමට උත්සාහ කරමින් දෙරටේ ජනතාවට වැඩි වශයෙන් සුබසෙත නිර්මාණය කිරීමට සූදානම් බව ද ඔහු කීය.
මෙම සංචාරය තුළ දී ජනාධිපතිනිය සමග වීඩියෝ ආකාරයෙන් Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට ද තමා එක් වනු ඇතැයි ෂී ජින්පිං මහතා පැවසීය. Chancay වරාය නව ආරම්භයක් සේ සලකමින් පේරු රාජ්‍යය ඇතුළු ලතින් හා කැරිබියන් රටවල් වෙනුවෙන් පොදු සමෘද්ධිය කරා යන මාවතක් විවෘත කිරීමට චීනය පේරු රාජ්‍යය සමග එක්ව ප්රයත්න දැරීමට කැමති බව ඔහු ප්‍රකාශ කර ඇත.
වසර අටකට පසුව හෙට දිනයේ දී පේරු රාජ්‍යය තුන් වන වරටත් එපෙක් සංවිධානයේ නායකයින්ගේ නිල නොවන සමුළුවට සත්කාරකත්වය දරනු ඇත. චීනය පේරු රාජ්‍යයේ සත්කාරක කටයුතුවලට මුළුමනින් සහාය වේ. එම සමුළුව සාර්ථකව පැවැත්වීමට සුබ ප්‍රාර්ථනා කරමින් එමගින් ආසියා ශාන්තිකර සහයෝගතාවට යළි වරක් ‘ලීමා සටහනක්’ තැබීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.