2 වන ‘ගෝලීය දකුණේ රාජ්‍යයන්’ හි බුද්ධි මණ්ඩල සංසදය පැවැත්වෙයි

2 වන ‘ගෝලීය දකුණේ රාජ්‍යයන්’ හි බුද්ධි මණ්ඩල සංසදය පැවැත්වෙයි.

‘ගෝලීය දකුණේ රාජ්‍යයන්:සමානාත්මතාවය, විවෘතභාවය, සහයෝගිතාව’ යන ‍තේමාවෙන් මෙම සංසදය අද(14) චීනයේ Jiangsu පළාතේ Nanjing නගරයේ දී පැවැත්විණ.

100කට වැඩි රටවලින් පැමිණි නියෝජිතයෝ 400කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Liu Jianchao මහතා සංසදයට එක්වෙමින් පැවසුවේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ‘බ්‍රික්ස්+’ නායකයින්ගේ සංවාදයේ දී ඉදිරිපත් කළ යෝජනාවට අනුගත වීම සඳහා මෙම සංසදය පැවැත්වූ බවයි.

‘‍ගෝලීය දකුණේ රාජ්‍යයන්’ බුද්ධි මණ්ඩල සහයෝගිතා සන්ධානයක් ස්ථාපනය කිරීම එම යෝජනාවයි. මෙම සන්ධානයට අනන්‍ය වූ සුවිශේෂත්වයන් මත ‘ගෝලීය දකුණේ රාජ්‍යයන්’ හි පොදු සංවර්ධනය වෙත පුළුල් සවියක් සැපයීම අපේක්ෂා කෙරෙන බව ද Liu Jianchao මහතා එහිදී සඳහන් කළේය.