ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශය සමඟ සිදුකරන ඕනෑම ආකාරයේ නිල හුවමාරුවකට චීනය දැඩි ලෙස විරෝධය පළ කරයි

චීන විදේශ අමාත්‍යංශයේ අද (29) පැවති මාධ්‍ය හමුවේදී චීන තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශිකා Mao Ning මහත්මිය මෙම අදහස් පළ කළාය.

ඇමරිකාව තායිවාන ප්‍රදේශයේ සාමය සහතික කළහොත්, චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂයේ “තායිවාන ස්වාධීනත්වය” පිළිබඳ ස්වභාවය පැහැදිළිව අවබෝධ කර ගත යුතුය. ඇමරිකාව තායිවාන ප්‍රශ්නය නිවැරදිව මෙන්ම ප්‍රවේශම් සහගත ලෙස හසුරුවමින්  “තායිවාන ස්වාධීනත්වයට” පැහැදිළිව විරෝධය පළ කර චීනයේ සාමකාමී එක්සත්වීමට සහයෝගය දිය යුතු බව ඇය ප්‍රකාශ කළාය.

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශය සමඟ සිදුකරන ඕනෑම ආකාරයේ නිල හුවමාරුවකට චීනය දැඩි ලෙස විරෝධය පළ කරයි. තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයා ඇමරිකාව හරහා සංචාරය කිරීම මෙන්ම ඇමරිකාව තායිවාන බෙදුම්වාදීන්ට හා ඔවුන්ගේ ක්‍රියාවන්ට ඕනෑම ආකාරයකින් අනුබල දීම පිළිබඳව චීනය ස්ථිර ලෙස විරෝධය පළ කරන බව ඇය පැවසුවාය.