“ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික චින්තන අධ්‍යයන දළ සටහන”නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.
නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය ගැඹුරින් අධ්‍යයනය කිරීම සහ ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික චින්තනය ක්‍රියාත්මක කිරීම සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව මෙම ග්‍රන්ථය සංස්කරණය කර තිබේ. එය චීනයේ Xuexi ප්‍රකාශන ආයතනය සහ Renmin ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හරිනු ලබයි.
ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික චින්තනයේ මූලික හරය, අධ්‍යාත්මික සාරය, පොහොසත් අර්ථය සහ ප්‍රායෝගික අවශ්‍යතා එම ග්‍රන්ථය ක්‍රමානුකූලව පැහැදිලි කරන අතර, සංස්කෘතික ක්ෂේත්‍රය තුළ නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයේ දායකත්වය එම ග්‍රන්ථයේ පුළුල් ලෙස පිළිබිඹු කර ඇත.
සෑම මට්ටමකම චීන කොමියුනිස්ට් පක්ෂ කමිටු ඔවුන්ගේ අධ්‍යයන සැලසුම්වලට එම ග්‍රන්ථය ඇතුළත් කරන ලෙසත්, අභ්‍යාසයට මඟ පෙන්වීමට සහ වැඩ ප්‍රවර්ධනය කිරීමට නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය භාවිත කරන ලෙසත්, ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික චින්තනයේ මඟ පෙන්වීමෙන් ප්‍රායෝගික ගැටළු විසඳා ගන්නා ලෙසත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය.