චීන මාධ්‍ය සමූහයේ මෙහෙයවීමෙන් දකුණු චීන මුහුදු කලාපය සුරක්ෂිත කිරීමේ තේමා‍වෙන් යුත් වැඩසටහනක්

දකුණු චීන මුහුදු පාලනය, ඊට අදාළ සහයෝගීතාවය හා කලාපීය ආරක්ෂාව කේන්ද්‍ර කරගත් ‘Tides & Voices’ යන මැයෙන් යුත් වැඩසටහනක් පැවැත්වෙයි. චීන මාධ්‍ය සමූහයේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන ඊයේ (05) දකුණු චීනයේ Hainan පළාතේ Sanya නගරයේ දී පැවැත්විණ. බාධා මඟ හරිමින්, දකුණු චීන මුහුදු කලාපයේ සාමය, සමෘද්ධිය එක්ව තහවුරු කරන බව එහිදී ප්‍රකාශයට පත් කෙරිණ.

පසුගියදා, සිංගප්පූරුවේ පැවති 23 වන Shangri-La සංවාදයේ දී, පිලිපීන ජාතික ආරක්ෂ ඇමතිවරයා දේශනයක් පැවැත්වීය. ඊනියා ‘දකුණු චීන මුහුදු බේරුම්කරණය’ හුවා දක්වමින් ඔහු එහිදී චීනය අපකීර්තියට පත් කළේය. මේ පිළිබඳව එම වැඩසටහනට එක්වූ චීනයේ ෂංහයි ජාත්‍යන්තර අධ්‍යයනායතනයේ උප අධ්‍යක්ෂ ජනරාල් Li Kaisheng මහතා පැවසුවේ, නීත්‍යනුකූල නොවන මෙන්ම නිෂ්ඵල ‘දකුණු චීන මුහුදු බේරුම්කරණය’‘දකුණු චීන මුහුදු කලාපයට අදාළ ආචාර ධර්ම සංග්‍රහය’ වෙත ඇතුළත් කිරීමට පිලිපීනය උත්සාහ දරමින් සිටින බවයි. එය අසාර්ථක වීමෙන් පසු, එරට ඇතැම් දේශපාලනඥයෝ ජාත්‍යන්තර තලයේ එම ආචාර ධර්ම සංග්‍රහය සැලසුම් සහගත ලෙස ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ මෙවැනි ක්‍රියාවන්, කලාපීය සහයෝගීතාවය සඳහා එළඹි එකඟතාවන් උල්ලංඝනය කිරීමක් පමණක් නොව, පිලිපීනය දකුණු චීන මුහුදේ විධිමත් පටිපාටිය විනාශ කිරීමේ ස්වභාවය ද එමගින් තහවුරු වී ඇති බව Li Kaisheng මහතා එහිදී සඳහන් කළේය.

දේශසීමා මායිම් හා සමුද්‍රීය කටයුතු පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශයේ පිටපු නියෝජිත Zhou Jian මහතා එහිදී පැවසුවේ, දකුණු චීන මුහුදු ප්‍රදේශයේ සාමයට බාධා කිරීම සඳහා ඊනියා ‘යාත්‍රා කිරීමේ නිදහස් මෙහෙයුම්’ සඳහා එක්වීමේ මුවාවෙන් දිගු කලක සිට, ඇමරිකාව, කලාපීය නොවන අනෙකුත් රටවල් කැඳවා ඇති බවයි. ඇතැම් බාහිර බලවේග, පිලිපීනය සමග එක්ව, නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද, තායිවාන සමුද්‍ර සන්ධිය යන ප්‍රදේශ ආශ්‍රිත කටයුතු සඳහා බාධා පමුණුවමින් ආසියා ශාන්තිකර ප්‍රදේශයට පවා බාධා ඇති කිරීමට උත්සාහ දරමින් සිටින බව ද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.